
අධික කාර්ය බහුලත්වය හමුවේ සෞඛ්‍ය තත්වය දුර්වලවීමෙන් ඔස්ට්‍රේලියානු ට්‍රක් රියදුරන් 6000 ක් පමණ වාර්ෂිකව මරණයට පත්වන බව නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.
මොනෑෂ් විශ්ව විද්‍යාලය සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ ඇතැම් ට්‍රක් රියදුරන් වසර 50 කට වැඩි කාලයක සිට මෙම වෘත්තියේ නිරත වන බවයි.
නිසි ශාරීරික සුවතාවයෙන් නොමැති ට්‍රක් රියදුරන් හේතුවෙන් ඉදිරි දශකය තුළදී ඔස්ට්‍රේලියා ආර්ථිකයට සිදුවන බලපෑම ඩොලර් බිලියන 2.6 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මීට ඉහතදී මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින්ම සිදුකල වෙනත් අධ්‍යයනයකදී අනාවරණ වි තිබුණේ ඔස්ට්‍රේලියාවේ වැඩිම වශයෙන් සෞඛ්‍ය පිරිහීමට ලක්වන ක්ෂේත්‍රය ප්‍රවාහන අංශය බවයි.
රිය අනතුරු වැනි දෑ සඳහා වැඩිම නිරාවරණය විමක් සිදුවන්නේ ඔවුන්ට බවද එහිදී අනාවරණය කෙරුණා.
