වසර 15 කට පසු ඔස්ට්‍රේලියාව තුළ දරුණු ප්‍රතිජීවක ඖෂධ හිගයක්

වසර 15 කට පමණ පසු ඔස්ට්‍රේලියාව තුළ දරුණු ප්‍රතිජීවක ඖෂධ හිගයක් හටගෙන ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.

මෙම තත්වය හමුවේ විශේෂයෙන් ප්‍රාදේශීය කලාපවල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ප්‍රතිජිවක ඖෂධවලට අමතරව වේදනා නාශක ඖෂධවලද දැඩි හිගයක් පවතින බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

නාගරිකව ඔසුසැල් කිහිපයකට හෝ ගොස් ඖෂධයක් සොයාගත හැකි නමුත් ප්‍රාදේශීය කලාපවල විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇත්තේ එක් ඔසුසැලක් පමණක් බැවින් තත්වය වඩා උග්‍ර බව ඔවුන් පෙන්වා දෙනවා.

ඖෂධ හිගයට ප්‍රධාන හේතුව අමුද්‍රව්‍ය හිගය හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.

මේ අතර ඖෂධ හිගයක් පිළිබඳ තමන් දැනුවත් බවත් වහා එය මගහරවාලීමට පියවර ගන්නා බවත් TGA විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »