කසළ මගින් NSW ප්‍රාන්තවාසීන් $ මිලියන 800 ක් උපයයි

ප්‍රතිචක්‍රීකරණය සඳහා විවිධ ද්‍රව්‍ය ලබාදීමෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් පසුගිය වසර 05 තුළදී උපයාගෙන ඇති මුදල ඩොලර් මිලියන 800 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

බෝතල් – කෑන් වර්ග සහ වෙනත් බහාලුම් වර්ග සියල්ල එකතුව බිලියන 08 ක් පමණ මෙලෙස භාරදී තිබූ බව සඳහන්.

පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලට මෙය යහපත් ප්‍රවණතාවයක් බව ප්‍රාන්ත රජය පෙන්වා දෙනවා.

නිවු සවුත් වේල්ස් හි වැඩිහිටි ජනගහණයෙන් සියයට 80 ක් පමණම මෙම වැඩසටහනට දායක වී සිටින බවයි ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ.

මෙහිදී එකතුවු මුදල් අතුරින් ඩොලර් මිලියන 35 ක පමණ මුදලක් විවිධ ස්වේච්ඡා සංවිධාන වෙත ලබාදී ඇති බවද සඳහන්.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »