ඔන්ලයින් වංචාවලට හසුවන ඔස්ට්‍රේලියානුවන් ඉහළට

Scam ඝනයට අයත්වන විවිධ වංචා නිසා 2022 වසරේ මුල් මාස 06 තුළදී ඔස්ට්‍රේලියානුවන් විසින් අහිමිකරගෙන ඇති මුදල ඩොලර් මිලියන 300 කට ආසන්න බව අනාවරණ වී තිබෙනවා.

එය 2021 වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ ඩොලර් මිලියන 139 හා සැසඳීමේදී දෙගුණයක පමණ ඉහළ යාමක් වනවා.

2021 වසර පුරා විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් ඔස්ට්‍රේලියානුවන් අහිමි කරගෙන තිබූ සමස්ත මුදල ඩොලර් මිලියන 323 ක්.

2022 වසරේ ජනවාරි – ජූනි දක්වා කාලය තුළදී Scam ඝනයට අයත්වන විවිධ වංචා 100,000 ක් පමණ වාර්තා වී තිබුණා.

ඉන් බහුතරය විවිධ ආයෝජන සඳහා මුදල් යොදවන ලෙස ඉල්ලමින් පළකර තිබූ ව්‍යාජ දැන්වීම්වලට රැවටීම් බව සඳහන්.

වයස් කාණ්ඩයක් ලෙස සැළකීමේදී වැඩිම වංචාවන්ට හසුවී ඇත්තේ වයස අවුරුදු 65 ට වැඩි අයයි.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »