
ඩොලර් 126,000 ට අඩුවෙන් උපයන පුද්ගලයන්ට ලබාදී තිබූ බදු නිදහසක් ඉවත් කිරීමට ගෙන ඇති යෝජනාවක් සම්බන්ධයෙන් පාලක ලේබර් පක්ෂයට චෝදනා එල්ල වනවා.
මේ අනුව මැදි ආදායම් ලබන පුද්ගලයෙකු සඳහා ඉතිරිවන ඩොලර් 1,500 කට ආසන්න මුදලක් ඔවුන්ට නොලැබී යනු ඇති බවටයි මත පළවන්නේ.
2018 වසරේදී එවක අගමැති මැල්කම් ටර්න්බුල් ගේ රජය විසින් මෙම බදු සහනය හඳුන්වාදුන්නේ ජීවන වියදමට සහනයක් වශයෙනුයි.

පසුගිය ස්කොට් මොරිසන් රජය විසින්ද කොවිඩ් සමයේදී මෙම බදු සහනය අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබුවා.
කෙසේවෙතත් ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් රජයේ අයවැය ලේඛණයෙන් මෙම බදු සහන යෝජනාව ඉවත් කර ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පොළී අනුපාතික ඉහළයාම් හමුවේ පීඩාවට පත් ජනතාවට මෙමගින් තවත් බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්.