Search

සිඩ්නි විශාලතම ලාංකික සංස්කෘතික උත්සවය – සිඩ්නි බක්මහ උළෙල අද

sydney bak maha

සිඩ්නි නගරයේ විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවය වන සිඩ්නි බක්මහ උළෙල අද පැවැත්වෙනවා.

පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා Roselea community centre හිදී එය පැවැත්වෙනු ඇති.

නිවු සවුත් වේල්ස් හි පැරණිම ලාංකික සංවිධානය වන වසර 33 ක ඉතිහාසයක් පවතින නිවු සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුව විසිනුයි එය සංවිධාන කරනු ලබන්නේ.

සුපුරුදු ජන ක්‍රීඩා මෙන්ම සංස්කෘතික ඉසව් රැසකින්ද මෙවරත් සිඩ්නි බක්මහා උළෙල සමන්විත වනවා.

සිංහල සංස්කෘතික හමුව යටතේ පාලනය වන නිවු සවුත් වේල්ස් සිංහල භාෂා පාසල් 07 හිම සිසු සිසුවියන් මීට සහභාගීවීමට නියමිතයි.

දවස පුරා ශ්‍රී ලාංකික ආහාර ඇතුළත් “කැවිලි පොළ” වෙත පැමිණ ඒවායෙහි රස බැලීමටද ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකිකයන්ට අවස්ථාව පවතිනවා.

2023 සිඩ්නි බක්මහ උළෙලට මෙවර ශ්‍රී ලංකාවෙන් සමන් ලෙනින් සහ නිලක්ෂි හෙළපිටිය යන කලා ශිල්පීන් පැමිණ උත්සවය වර්ණවත් කිරීමටද නියමිතයි.

සිඩ්නි බක්මහ උළෙල 2023 සඳහා Aus ලංකා TV සහ Aus ලංකා Radio විසින් මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබනවා.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »