
දැඩි සුළං තත්වය හේතුවෙන් සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථ 02 ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
තනි ධාවන පථයක් පමණක් භාවිත කෙරෙන බැවින් ගුවන් ගමන්වල ප්‍රමාදයන් පැවතිය හැකි බවයි සිඩ්නි ගුවන් තොටුපළ නිවේදනය කර සිටින්නේ.
අභ්‍යන්තර සහ ජාත්‍යන්තර – පැමිණෙන මෙන්ම පිටත්ව යන ගුවන් යානා සඳහා මෙය බලපැවැත්වෙනු ඇති.

එක් ගුවන් ගමනක උපරිම ප්‍රමාදය පැයක සිට පැය 1 1/2 දක්වා පැවතිය හැකි බව සඳහන්.
අද දිනය තුළ සිඩ්නි ගුවන් තොටුපළ ආශ්‍රිතව පැයට කිලෝමීටර් 30 ත් 45 ත් අතර අගයක පැවතිය හැකි බවටයි කාළගුණ කාර්යාංශය අනාවැකි පළකරන්නේ.

කෙසේවෙතත් මේ දක්වා කිසිදු ගුවන් ගමනක් අවලංගු කර නැහැ.