ප්‍රාන්ත 03 කට පණවා තිබූ අකුණු සහිත කුණාටු අවධානම් අනතුරු ඇගවීම් ඉවත් කර තිබෙනවා.
කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් – ACT සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි තත්වයක් තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලේ.
දකුණු ඔස්ට්‍රේලියා – වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවලටද මෙම සති අන්තයේදී සිසිල් සහ වැසි සහිත කාළගුණයක් බලාපොරොත්තු විය හැකියි.
පාස්කු සති අන්තයේදී මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 සිට 20 දක්වා වන අගයන්හි පැවතිය හැකි බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය නිකුත් කර ඇති අනාවැකියේ සඳහන් වන්නේ.
අවසන් වරට පාස්කු දිනයකදී මෙල්බන් නගරයේ අවම උෂ්ණත්වයක් ලෙස සෙල්සියස් අංශක 14.3 ක් සටහන් වී ඇත්තේ 1943 වසරේදීයි.
මෙවර එම වාර්තාව බිඳ වැටෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.