Search

ඔස්ට්‍රේලියාව තුළ සිටින තාවකාලික වීසා හිමියන් ගණන ලක්ෂ 13 ඉක්මවයි

පසුගිය පෙබරවාරි මාසය අවසානය වනවිට 13 ලක්ෂ 25 දහසකට වැඩි තාවකාලික වීසා බලපත් හිමියන් පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ සිට ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් වැඩිම පිරිස වන 585,847 ක් සටහන් වන්නේ ශිෂ්‍ය වීසා හිමියන් ලෙසිනුයි.

Bridging වීසා ලාභින් 183,200 ක් / Temporary Graduate වීසා ලාභීන් 167,404 ක් / තාවකාලික රැකියා බලපත් හිමියන් 259,000 කට ආසන්න පිරිසක් සහ Working Holiday වීසා ලාභීන් 129,701 දෙනෙකුද මේ අතර වුණා.

කොවිඩ් සමය එළඹිමට පෙර 2019 වසරේ සැප්තැම්බර් මාසය අවසානය වනවිට මෙරට සිටි තාවකාලික වීසා බලපත් හිමියන් සංඛ්‍යාව 12,48,800 කට අධිකයි.

එය 2021 වසරේ සැප්තැම්බර් වනවිට 915,091 ක් දක්වා අඩුවී තිබුණා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »