Greater Sydney හැර ක්වීන්ස්ලන්ත දේශසීමා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා විවෘත වේ.
Queensland borders will open to NSW, except Greater Sydney.
ක්වීන්ස්ලන්තය සිය දේශ සීමාව නිව් සවුත් වේල්ස් වෙත නොවැම්බර් 3 වනදා අලුයම 1.00 සිට විවෘත කරන නමුත් එය Greater Sydney සහ වික්ටෝරියා ප්‍රාන්තය සඳහා වසා තබනු ඇතැයි ක්වීන්ස්ලන්ත අගමැති Annastacia Palaszczuk පවසයි.
දකුණු පළාත්වල කොරෝනා වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය වීම ගැන සැලකිලිමත් වන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ප්‍රාන්ත මැතිවරණය ආසන්නයේ දී ගත් තීරණයක් බවත් Palaszczuk පැවසුවාය.
මේ අතර නිව් සවුත් වේල්ස් අගමැතිGladys Berejiklian පවසන්නේ ක්වීන්ස්ලන්තයේ දේශසීමා තම ප්‍රාන්තයේ සෑම කෙනෙකුටම විවෘත නොවීම ගැන තමා කලකිරීමට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත්, කලාපීය NSW හි පදිංචිකරුවන්ට නොවැම්බර් 3 සිට ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර ලැබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයට දිනකට පෙර සෞඛ්‍ය විශේෂඥයින් හමුවීමෙන් පසු Palaszczuk මේ බව ප්‍රකාශ කළාය.