
නිවු සවුත් වේල්ස් රජය සහ ප්‍රාන්ත පොලිසිය විසින් අය කල කොවිඩ් දඩ දහස් ගණනක් අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව මේ දක්වා ගෙවා නොමැති දඩ 29,000 ක් පමණ අය කර ගැනීමෙන් වලකින ලෙසයි දන්වා ඇත්තේ.
අදාළ දඩ නියම කිරීමේදි නිසි ලෙස චෝදනාවක් දක්වා නොමැතිවීම මීට හේතුවයි.

කොවිඩ් සමයේ පැවති විවිධ රෙගුලාසි කඩ කිරීම් මත දඩ නියම කෙරුණද ඒවායෙහි කිසිදු නීත්‍යානුකූල භාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන්.
පසුගිය වසරේදීත් ඩොලර් මිලියන 30 කට ආසන්න වටිනාකමින් යුත් කොවිඩ් දඩ ඉවත් කරගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට සිදුවුණා.
