ඔස්ට්‍රේලියානු දෙමව්පියන් Toy libraries වෙතින් සෙල්ලම් භාණ්ඩ රැගෙනයාම ඉහළට

ජීවන වියදම ඉහළයාමත් සමග ඔස්ට්‍රේලියානු දෙමව්පියන් විසින් සිය දරුවන් වෙත සෙල්ලම් භාණ්ඩ පුස්තකාල (Toy libraries) වෙතින් සෙල්ලම් භාණ්ඩ රැගෙනයාම ඉහළගොස් තිබෙනවා.

පසුගිය වසර 03 තුළදී එලෙස ඇතැම් දෙමව්පියන් විසින් ඉතිරි කරගෙන ඇති මුදල ඩොලර් 15,000 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ.

දැනට සමස්ත ඔස්ට්‍රේලියාව පුරා ලියාපදිංචි සෙල්ලම් භාණ්ඩ පුස්තකාල 380 කට වැඩි සංඛ්‍යාවක් පවතින අතර සාමාජිකයන් ගණන 130,000 කට අධිකයි.

ගතවූ මාස 03 තුළදී මෙවැනි පුස්තකාල වෙත ලියාපදිංචිවන සාමාජිකයන් සංඛ්‍යාවේද ඉහළයාමක් සටහන් වන බව සඳහන්.

සාමාන්‍ය පුස්තකාලයකින් පොත් රැගෙනගොස් කියවා නිශ්චිත කාලයකට පසු නැවත භාරදෙන ආකාරයෙන්ම සෙල්ලම් භාණ්ඩ පුස්තකාල වෙතින් සෙල්ලම් භාණ්ඩ රැගෙන ගොස් නියමිත කාලය අවසානයේ යළි භාරදිය යුතු වනවා.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සෙල්ලම් භාණ්ඩ පුස්තකාල සතු සෙල්ලම් භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 28 කට ආසන්නයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »