පසුගිය සතියට අදාළව ප්‍රාන්ත කිහිපයක කොවිඩ් සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආසාධිතයන් 9,876 දෙනෙකු සහ මරණ 36 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාධිතයන් 5,772 ක් සහ මරණ 20 ක්ද වාර්තා වි ඇති බවයි අද නිකුත් වූ සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.
දකුණු ඔස්ට්‍රේලියාවේ ආසාධිතයන් 2,719 ක් – ක්වීන්ස්ලන්ඩ් හි 3,953 ක් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ 3,446 ක් ලෙස ආසාධිතයන් වාර්තා වී තිබෙනවා.
පසුගිය වසරේදී ඔස්ට්‍රේලියාව තුළ සිදුවූ මරණවලට 03 වන ඉහළම හේතුව වන්නේද කොවිඩ් වෛරසය බව නවතම සංඛ්‍යාලේඛණවල සඳහන්.
2021 දී කොවිඩ් හමුවේ මෙරටදී සිදුවූ මරණ ගණන 1,400 ක් පමණක් වූ නමුත් 2022 දී එය 10,300 දක්වා ඉහළ ගොස් ඇති බවයි මෙම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.
2021 දී මෙරට මරණවලට හේතු අතර කොවිඩ් වෛරසය පැවතියේ 34 වන ස්ථානයේයි.