කැන්බරා හි මාරක රිය අනතුරකින් 04 දෙනෙකු මරුට

උතුරු කැන්බරා හි අධිවේගී මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා.

අද පෙරවරු 06.45 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවක සහ පුරුෂයන් 03 දෙනෙකු බව සඳහන්.

මෙහිදී තුවාල ලැබූ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා ගුවන් මගින් රෝහල් ගත කර තිබෙනවා.

පාස්කු සමයේ රිය ධාවනයේදී වඩාත් විමසිලිමත් වන්නැයි පොලිසිය ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම් දෙනවා.

බොහෝ පිරිසක් විනෝද චාරිකාවල නිරතවීම සහ ගමන් බිමන් යාම හමුවේ මාර්ග භාවිතය ඊට හේතුවයි.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »