
පසුගිය වසර පුරා ෆෙඩරල් සංචිත බැංකුව විසින් සිදුකල පොළී අනුපාතික අගයන් ඉහළ නැංවීම්වල වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ අඩු ආදායම්ලාභීන්ට සහ මහා පරිමාණ ණය ගත් පුද්ගලයන්ට බව අනාවරණ වී තිබෙනවා.
ෆෙඩරල් සංචිත බැංකුව නිකුත් කල වාර්ෂික මූල්‍ය විවරණයේයි මේ බව දැක්වෙන්නේ.
පොළී අනුපාතික වැඩි කිරීම් හමුවේ ණය වාරිකවල සිදුවූ වෙනස්කම් සහ බැංකු පද්ධතියට ඇතිවූ බලපෑම මෙහි පැහැදිලි කර තිබෙනවා.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායමෙන් සියයට 30 ක් පමණ ණය වාරික ගෙවීම සඳහා වෙන් කිරීමට සිදුවන බවයි එහි දක්වා ඇත්තේ.
දැනට සියයට 3.5 ක් ව පවතින විරැකියා අනුපාතිකය ඉදිරියේදී සුලු වෙනසකට ලක්විය හැකි බවද ෆෙඩරල් සංචිත බැංකුව පුරෝකථනය කරනවා.
