
මාර්තු මාසයේ මෙරට Payroll රැකියා සංඛ්‍යාව සියයට 0.6 කින් වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව කොවිඩ් වසංගත තත්වය පැවති කාලය හා සැසඳීමේදී මේ වනවිට එහි වර්ධනය සියයට 10.5 ක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.
මෙම කාලය සළකා බැලීමේදී වැඩිම Payroll රැකියා වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වන අතර එය සියයට 13.4 ක්.

අඩුම වර්ධනයක් පෙන්නුම් කර ඇති ප්‍රාන්ත 02 වන්නේ වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයි.
ක්ෂේත්‍ර 19 ක් අතුරින් නිෂ්පාදන සහ ප්‍රවාහන හැරුණුකොට අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම Payroll රැකියා සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක්.
