Search

වික්ටෝරියා ප්‍රාන්තයේ සෑම ගුරුවරයෙකුටම $ 3,000 ක දීමනාවක් ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරු හිගය මගහරවාලීමේ එක් පියවරක් ලෙස සෑම ගුරුවරයෙකුටම එක් වරක් පමණක් ගෙවන දීමනාවක් ලබාදෙන්නැයි ප්‍රාන්තයේ ගුරු සංගම් ඉල්ලීමක් කරනවා.

දැනට ගුරු පුරප්පාඩු 1,000 කට අධික සංඛ්‍යාවක් පවතින බවත් මෙම තත්වය කඩිනමින් විසඳනු නොලැබුවහොත් මීළග පාසල් වාරය ආරම්භයේ සිට දැඩි අර්බුදයක් වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින දැඩි ගුරු හිගය හේතුවෙන් පංති කාමරයක සිටිය හැකි සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට පාසල් අතුරින් 1/3 ක් පමණ මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම පාසල් අතුරින් සියයට 40 ක පමණ විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් පවා පංති කාමරවල ඉගැන්වීම්වලට සහභාගීවන බව ද සඳහන්.

සෞඛ්‍ය අංශයේ සේවකයන්ට මීට පෙර ලබාදුන් ඩොලර් 3,000 දීමනාව හා සමාන අයුරින් වික්ටෝරියා ගුරුවරුන්ටද එක් වරක් පමණක් ගෙවන දීමනාවක් ලබාදිය යුතු බවටයි ගුරු සංගම් යෝජනා කරන්නේ.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඊට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »