ප්‍රාන්ත රැසක අද සිට අමතර රථවාහන පොලිස් නිළධාරීන්

පාස්කු නිවාඩු සති අන්තය එළැඹීමත් සමග ප්‍රාන්ත රැසක අද සිට අමතර රථවාහන පොලිස් නිළධාරීන් යොදවා තිබෙනවා.

මාර්ග අනතුරු වළක්වා ගැනීම මෙන්ම රථවාහන නීති කඩ කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීම එහි අරමුණයි.

පාස්කු නිවාඩු සති අන්තය සැළකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මාරක රිය අනතුරු බහුලම කාලසීමාවක් ලෙසයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පමණක් වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරු මරණ 62 ක් සටහන් වී තිබෙනවා.

එමෙන්ම බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 කට වැඩි පිරිසකට එරෙහිව චෝදනා ගොණු කර ඇති බව සඳහන්.

මේ අතර ප්‍රාන්ත කිහිපයක double demerit points අය කිරීමද මේ දිනවල ක්‍රියාත්මකයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »