ජීවිතාරක්ෂක ඖෂධ ඇතුලු ඖෂධ වර්ග 379 ක හිගයක්

ජීවිතාරක්ෂක ඖෂධ ඇතුලු ඖෂධ වර්ග කිහිපයක හිගයක් පවතින බවට නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ලියාපදිංචි සියලුම ඔසුසැල් වෙත ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදුකර ඇති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් කියාසිටියේ.

දැනට ඖෂධ වර්ග 379 ක හිගයක් පවතින බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම හිගය තවත් මාස කිහිපයක් පැවතිය හැකි බවටයි සෞඛ්‍ය බළධාරීන් අනතුරු අගවන්නේ.

මෙම ඇතැම් ඖෂධ සඳහා විකල්ප ඖෂධ නොමැති බවටද වාර්තා පළවී තිබෙනවා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »