
පුද්ගලික ජංගම දුරකථනවල ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිත කිරීමේ කිසිදු තහනමක් නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා.
රජයේ කටයුතු හා සම්බන්ධවන රාජකාරි දුරකථනවලට පමණක් අදාළ තහණම බලාත්මක වන බවයි රජය නිකුත් කර ඇති කරුණු පැහැදිලි කිරීමක දැක්වෙන්නේ.
රජයේ කටයුතු සමග සම්බන්ධ දුරකථනවල ටික්ටොක් භාවිතය වාරණය කල 05 වන රට බවට ඔස්ට්‍රේලියාව පසුගියදා පත්වුණා.

කෙසේවෙතත් පෞද්ගලික දුරකථනවල එම ඇප්ලිකේෂනය තවදුරටත් භාවිත කල හැකියි.
ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 41 ක් ටික්ටොක් භාවිත කරන බව සඳහන්.
