බටහිර ඔස්ට්‍රේලියාවේ ඇල්කොහොල් නීතිවල වෙනසක්

ඇල්කොහොල් අලෙවිය සම්බන්ධ නීති වෙනස් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

දැනට පවතින නීති අනුව හෝටල් – තැබෑරුම් මෙන්ම අවන්හල් රැසක පාරිභෝගිකයන්ට මත්පැන් අලෙවිකල හැකි වනුයේ දහවල් 12 සිට රාත්‍රී 10 දක්වා පමණයි.

එමෙන්ම මත්පැන් ලබාදීම සිදුකල හැකි වන්නේද ආහාර වේලක් සමග පමණක් ලෙස අනිවාර්ය නීතියක්ද බලාත්මකයි.

එමෙන්ම මහ සිකුරාදා සහ නත්තල් වැනි සුවිශේෂී දිනවල මත්පැන් අලෙවිය සම්බන්ධයෙන්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ විවිධ රෙගුලාසි බලාත්මක වනවා.

මෙම ඇතැම් නීති යල්පැන ගිය රෙගුලාසි බැවින් ඒවා වර්තමානයට ගැලපෙන අයුරින් ලිහිල් කල යුතු බවට පාර්ශව ගණනාවක් කර ඇති ඉල්ලීම් සළකා බලමිනුයි ඇල්කොහොල් නීති සංශෝධනය කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »