සොරකම් කරන ලද ගිණුම් විස්තර මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් සඳහා වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනා මත ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
70,000 කට ආසන්න පිරිසකට මෙම වෙබ් අඩවියට පිවිසීමේ අවසර තිබී ඇති අතර අනවසරයෙන් ලබාගන්නා ගිණුම් විස්තර ඇතුලු අතිශය සංවේදී තොරතුරු එහි මුදලට අලෙවි කර ඇතැයි සඳහන්.
අමෙරිකාවේ එෆ් බී අයි ආයතනය සමග එක්ව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසිනුයි මෙම ඒකාබද්ධ වැටලීම සිදුකර තිබුණේ.
දැනට සිදුකර ඇති තක්සේරු කිරීම් අනුව ඔස්ට්‍රේලියානුවන් 36,000 ක් පමණ මෙම ජාවාරමට හසුවී ඇති බව සඳහන්.
මෑතකාලීනව ඔප්ටස් – මෙඩිබෑන්ක් සහ ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සර්විසස් යන ඔස්ට්‍රේලියානු සමාගම් වෙත එල්ලවූ දැවැන්ත සයිබර් ප්‍රහාර සහ මෙම ජාවාරම්කාර වෙබ් අඩවිය අතර සබඳතාවයක් නොමැති බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.
රුසියාවේ සහ ආසියානු රටක සිට ක්‍රියාත්මක වූ පිරිසක්ද මෙම වෙබ් අඩවිය පිටුපස සිටින බවට තහවුරු කරගෙන තිබෙනවා.