Search

ධනුෂ්කට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් භාවිත කිරීමට අවසර

සිඩ්නි නුවරදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීමට අවසර ලැබී තිබෙනවා.

ඒ සිඩ්නි අධිකරණයක් වෙත ඔහු වෙනුවෙන් කරනු ලැබූ ඇප කොන්දේසි සංශෝධන ඉල්ලීම සඳහා අනුමැතිය හිමිවීමත් සමගයි.

කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියා සිදුකිරීම ඇතුලු චෝදනා 04 ක් යටතේ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් මෙම චෝදනා ගොණු කර තිබෙනවා.

පසුගිය නඩු වාරයේදී ධනුෂ්ක ට අවසර හිමිවූයේ වට්ස්ඇප් භාවිත කිරීම සඳහා පමණයි.

අද ලැබුණු අවසරයත් සමග ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් භාවිත කිරීම සඳහා ද ඔහුට අවසර ලැබෙන නමුත් වින්දිත පාර්ශවයට සමාජ මාධ්‍ය හරහා කිසිදු තර්ජනයක් සිදුකිරීමෙන් වළකින ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීම සඳහා පැමිණි අවස්ථාවේදීයි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ ඔක්තෝබර් 06 වනදා සිඩ්නි හිදී අත්අඩංගුවට ගනු ලැබුවේ.

නඩුව වැඩිදුර විභාගය ලබන 27 වනදා දක්වා කල් දමනු ලැබුවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »