Search

පාස්කු සමයේදී ලක්ෂ 70 ක් ඔස්ට්‍රේලියා ගුවන් තොටුපළ භාවිත කරනු ඇතැයි අනාවැකි

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපළවල වඩාත් කාර්යබහුලම කාලසීමාව අදින් ආරම්භ වනවා.

පාස්කු සති අන්තය වෙනුවෙන් සිඩ්නි – මෙල්බන් සහ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන ගුවන් මගීන් සංඛ්‍යාව මිලියන 07 ක් පමණ වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මේ අනුව කොවිඩ් වසංගතයට පෙර පැවති ගුවන් මගීන් සංඛ්‍යාවෙන් සියයට 90 ක් පමණ නැවත යථා තත්වයක් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.

මෙල්බන් ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇතැයි තක්සේරු කර ඇති ගුවන් මගීන් සංඛ්‍යාව ලක්ෂ 21 ක්.

ගුවන් තොටුපළට පැමිණිමේදී හැකිතාක් වේලාසනින් පැමිණෙන ලෙසටයි ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

එමෙන්ම සිය ගමන්මලු සඳහා පවතින උපරිම බර ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ඇසිරීමෙන් වළකින ලෙසටත් අවධාරණය කෙරෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »