ගුවන් ගමන් අවලංගුවීම් වලදී මගීන්ට වන්දි හිමිවන නිසි ක්‍රමවේදයක් ඉල්ලයි

ගුවන් ගමන් අවලංගුවීම් වලදී මගීන්ට වන්දි හිමිවන නිසි ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාව තුළදී සකස් කල යුතු බවට ගුවන් මගීන් අවධාරණය කරනවා.

දීර්ඝ සති අන්ත නිවාඩුවක් එළැඹීමත් සමග ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාදවීම් වල ඉහළයාමක් නිරීක්ෂණය වීම ඊට හේතුවයි.

ගුවන් ගමන් අවලංගු කිරීම්වලදී ලොව සෙසු රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ගුවන් මගීන්ට වන්දි හිමිවීම් වැනි සාධාරණයක් ඉටුවීම පවතින්නේ දැඩි පසුගාමී තත්වයක බවටයි චෝදනා එල්ල වන්නේ.

යුරෝපා සංගමය – මහා බ්‍රිතාන්‍යය – කැනඩාව – ඉන්දියාව – මැලේසියාව – තායිලන්තය වැනි රටවල මීට වඩා ශක්තිමත් නීති ක්‍රියාත්මක වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගුවන් ගමන් අවලංගු කිරීමකදී හෝ ප්‍රමාදයකදී තමන්ට සිදුවන අපහසුතාවය වෙනුවෙන් වන්දි හිමිවන සාධාරණ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ගුවන් මගීන්ගේ ස්ථාවරය වී ඇත්තේ.

NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »