ස්වදේශික ජනතා පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධ යෝජනාවේදී දේශපාලන ක්‍රීඩාවක නිරතවන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් විපක්ෂ නායක පීටර් ඩට්න් ට චෝදනා කරනවා.
අදාළ යෝජනාවට විරුද්ධ වීමට ලිබරල් විපක්ෂ සන්ධානය ඊයේ පාර්ලිමේන්තුවේදී ගෙන ඇති තීරණය පිළිබඳ තමන් කණගාටුවන බවද අගමැතිවරයා සඳහන් කලා.
විපක්ෂය කුමන තීරණයක් ගනු ලැබුවද තවත් මාස කිහිපයකින් පැවැත්වෙන ජනමත විචාරණයේදී ජනතාව මේ සඳහා අනුමැතිය දෙනු ඇති බවටයි අගමැති ඇන්තනී ඇල්බනීස් බලාපොරොත්තු පළකරන්නේ.
ස්වදේශික ජනතා නියෝජනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ යෝජනාවට නිල වශයෙන් විරුද්ධ වන නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන්ට ස්වාධීන තීරණයක් ගැනීමට අවස්ථාව පවතින බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් කැන්බරා හිදී නිවේදනය කලේ.
ලේබර් පක්ෂ රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් ස්වදේශික ජනතා අයිතිවාසිකම් නිසි පරිදි නොලැබෙන බවයි ලිබරල් පක්ෂයේ ස්ථාවරය වන්නේ.