
වසර 70 කට පමණ පසු මෙල්බන් නගර වාසීන්ට සිසිල්ම පාස්කු දිනය මෙවර උදාවනු ඇති බවට අනාවැකි පළවනවා.
අද දිනයේදී මෙල්බන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ක උපරිමයක් සටහන් කරනු ඇති අතර හෙට සිට ඉදිරි දින 04 තුළදී ධාරාණිපාත වර්ෂා – කුණාටු වැනි තත්වයන් අපේක්ෂා කල හැකියි.
පාස්කු සති අන්තයේදී මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 සිට 20 දක්වා වන අගයන්හි පැවතිය හැකි බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය නිකුත් කර ඇති අනාවැකියේ සඳහන් වන්නේ.

අවසන් වරට පාස්කු දිනයකදී මෙල්බන් නගරයේ අවම උෂ්ණත්වයක් ලෙස සෙල්සියස් අංශක 14.3 ක් සටහන් වී ඇත්තේ 1943 වසරේදීයි.
මෙවර එම වාර්තාව බිඳ වැටෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
