ස්වදේශික නියෝජන යෝජනාවට ලිබරල් විපක්ෂය විරුද්ධයි

ස්වදේශික ජනතා නියෝජනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ යෝජනාවට නිල වශයෙන් විරුද්ධවීමට ෆෙඩරල් විපක්ෂය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් පසුපෙළ මන්ත්‍රීවරුන්ට ස්වාධීන තීරණයක් ගැනීමට අවස්ථාව පවතින බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් කැන්බරා හිදී නිවේදනය කලේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති අදාළ යෝජනාවේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීමට ලිබරල් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් අද පැවැත්වුණා.

ලේබර් පක්ෂ රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් ස්වදේශික ජනතා අයිතිවාසිකම් නිසි පරිදි නොලැබෙන බවයි ලිබරල් පක්ෂයේ ස්ථාවරය වන්නේ.

තවත් මාස කිහිපයකින් ජනමත විචාරණයට යොමු කරන යෝජනාවේ අඩංගු වාක්‍ය ඛණ්ඩය අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් පසුගියදා ප්‍රසිද්ධියට පත් කලා.

එය වෙනස් කර ගැනීමට ලේබර් පක්ෂ රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් වැඩිදුරටත් සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ මේ දක්වා ජනමත විචාරණ 44 ක් පවත්වා ඇති නමුත් ඉන් ජයගෙන ඇත්තේ 08 ක් පමණයි.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »