
2021 වසරේදී බටහිර ඔස්ට්‍රේලියාවේ කඳවුරු භූමියක සිටියදී එවක 04 හැවිරිදි වියෙහි පසුවූ ක්ලියෝ ස්මිත් දැරිය පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන චූදිතයා වන ටෙරන්ස් ඩැරල් කෙලී නමැත්තාට වසර 13 1/2 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
පර්ත් අධිකරණයක් විසින් මෙම දඩුවම පණවනු ලැබුවේ සැකකරු විසින් තමන්ට එරෙහි චෝදනාවට වරද පිළිගැනීමත් සමගයි.
2021 වසරේ ඔක්තෝබර් 16 වනදා අලුයම සිදුවූ මෙම පැහැරගැනීම එවක ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල පවා ප්‍රමුඛ පුවතක් බවට පත්වුණා.

දින 18 කට පසු දැරිය සොයා ගැණුනේ කඳවුරු භූමියේ සිට කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි නිවසක ඇය රඳවා තිබියදීයි.
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දැවැන්තම සෝදිසි මෙහෙයුම් අතුරින් එකක් බවටද මෙය නම් කෙරුණේ සමස්ත බටහිර ඔස්ටේ්‍රලියාව පුරා එය ක්‍රියාත්මක කිරීමත් සමගයි.

චූදිත ඩැරල් කෙලී නියමිත දඩුවම් කාලයට පෙර නිදහස් කරන්නේ නම් අවම වශයෙන් වසර 11 ක කාලයක් සිර දඩුවම විඳිය යුතු වනවා.