ඔස්ට්‍රේලියාවේ TikTok තහනමට චීනයේ විරෝධය

රජයේ කටයුතු හා සම්බන්ධ වන ජංගම දුරකථනවල ටික්ටොක් ඇප්ලිකේෂනය තහනම් කිරීමට ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය ගත් තීරණයට චීනය විරෝධය පළකරනවා.

එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕ නින්ග් සඳහන් කලේ මෙය රාජ්‍ය බලය අවභාවිත කිරීමක් බවයි.

මීට අදාළව රජයේ මට්ටමින් ඔස්ට්‍රේලියානු රජයට විරෝධය පළකිරීමට සූදානම් බවද ඔවුන් අවධාරණය කරනවා.

ජාතික ආරක්ෂාව මුවාවෙන් විදේශීය ඩිජිටල් සමාගම් මර්දනයට ඔස්ට්‍රේලියානු රජය දරන උත්සාහය දැඩිව හෙලා දකින බවත් චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කලා.

චීන හිමිකාරීත්වය සහිත ටික්ටොක් ඇප්ලිකේෂනය රජයේ දුරකථනවල භාවිතයෙන් තහනම් කල 05 වන රට බවට ඔස්ට්‍රේලියාව පසුගියදා පත්වුණා.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »