වැඩි වැටුප් ඉල්ලා සේවකයන් දහස් ගණනක් මෙල්බන් විරෝධතාවයක

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා ඉදි කිරීම් ඇතුලු ක්ෂේත්‍ර රැසක සේවකයන් දහස් ගණනක් මේ වනවිට මෙල්බන් CBD හි විරෝධතාවයක නිරත වනවා.

උද්ධමනයට සමගාමීව සිය වැටුප් ද වැඩි කරන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

දින කිහිපයකට පෙර බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කල පෝටර් ඩේවිස් ඉදි කිරීම් සමාගමේ සේවකයන් විශාල පිරිසක්ද මේ අතර වනවා.

පාඩු ලැබීම හමුවේ වසා දමන ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය සහතික කරලීම සඳහා කොමිසම විසින් දැඩි පියවර ගත යුතු බවද විරෝධතාකරුවන් අවධාරණය කරනවා.

මෙම උද්ඝෝෂණය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනු ඇතැයි සිතා වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් නිළධාරීන් විශාල සංඛ්‍යාවක්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »