ට්‍රම්ප් අධිකරණය හමුවට – චෝදනා සියල්ල බැහැර කරයි

තමාට එරෙහිව ගොණු කර ඇති චෝදනා 34 සඳහාම තමන් නිවැරදිකරු බවට අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝක් අධිකරණයක් ඉදිරියේ ප්‍රකාශ කර තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කෙරුණු පළමු අවස්ථාව ලෙසයි මෙය සැළකෙන්නේ.

සිය නීතීඥයන් සමග අධිකරණයට පැමිණි ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඉදිරියේ චෝදනා ප්‍රකාශයට පත් කෙරුණා.

පුද්ගලික රහසිගත සම්බන්ධතාවයක් පැවැත්වූ නිල් චිත්‍රපට රංගන ශිල්පිනියකට ඒවා වසන් කිරීම සඳහා මුදල් ලබාදීමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ප්‍රධාන චෝදනාව වන්නේ.

චෝදනා පිළි නොගැනීම හමුවේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කිරීමට නියමිතයි.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »