ඔස්ට්‍රේලියා Skilled Visa ආරාධනාපත් නිකුත් කිරීම පහළ අගයක

2022-23 වසර සඳහා වන ඔස්ට්‍රේලියා නිපුණතා වීසා (Skilled Visa) වැඩසටහන යටතේ සියලුම ප්‍රාන්ත විසින් නිකුත් කර ඇති ආරාධනා පත්‍ර සංඛ්‍යාව අපේක්ෂිත ඉලක්කයන්ට වඩා සැළකිය යුතු පහළ අගයක පවතින බවට වාර්තා වනවා.

සංක්‍රමණ දෙපාර්තමේන්තු වාර්තා අනුව පසුගිය වසරේ ජූලි 01 දා සිට දෙසැම්බර් 31 වනදා දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් 491 වීසා කාණ්ඩය යටතේ නිකුත් කර ඇත්තේ ආරාධනාපත් (Invitations) 871 ක් පමණයි.

එය අපේක්ෂිත ඉලක්කයට වඩා ආරාධනා පත්‍ර 6,168 ක අඩුවක් වනවා.

190 වීසා කාණ්ඩය යටතේ මෙම කාලය තුළදී ආරාධනා පත් 2,375 ක් පමණක් නිකුත් කර ඇති අතර එය 6,700 ක අඩුවක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

පසුගිය වසරේ අවසාන මාස 06 තුළදී වික්ටෝරියා ප්‍රාන්තය විසින් 491 වීසා කාණ්ඩය යටතේ ආරාධනා පත්‍ර 1,082 ක්ද 190 වීසා කාණ්ඩය යටතේ ආරාධනා පත්‍ර 4,105 ක්ද නිකුත් කර තිබුණා.

අපේක්ෂිත ආරාධනා පත්‍ර නිකුත් කිරීම අතින් අඩක ඉලක්කයක් හෝ සපුරා ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය විසින් පමණක් බවයි සංක්‍රමණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »