Medicare අක්‍රමිකතා හමුවේ වසරකට $ බිලියන 1.5 ත් 03 ත් අතර අහිමිවෙයි

Medicare අරමුදල සම්බන්ධ වංචා සහ අක්‍රමිකතා හමුවේ වසරකට අහිමිවන මුදල ඩොලර් බිලියන 1.5 ත් 03 ත් අතර පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

Medicare අරමුදල සම්බන්ධයෙන් වහා සිදුකල යුතු වෙනස්කම් ක්‍රියාත්මක නොකළහොත් මෙලෙස අහිමිවිය හැකි මුදල තවත් ඉහළ යනු ඇති බවටයි ස්වාධීන විමසුමකදී අනාවරණ වී ඇත්තේ.

වංචා සහගත ලෙස Medicare වන්දි මුදල් ලබා ගැනීම් හමුවේ වසරකට ඩොලර් බිලියන 08 ක පමණ මුදලක් අවභාවිත වන බවටද මෙහිදී චෝදනා නගා තිබෙනවා.

මෙම තත්වය වළක්වාලීම සඳහා ක්‍රියාත්මක කල යුතු නිර්දේශ 23 ක්ද මෙම වාර්තාවට අන්තර්ගතයි.

ෆෙඩරල් රජය පසුගියදා සඳහන් කලේ වසර 40 කට පමණ පසු Medicare අරමුදලට සිදුකරන දැවැන්තම සංශෝධන මාලාව ලබන මාසයට නියමිත අයවැයට අන්තර්ගත කරන බවයි.

ඒ අනුව වෛද්‍යවරුන්ට අමතරව හෙදියන් සහ සහයක වෛද්‍ය කණ්ඩායම් විසින් සපයන සේවා සඳහාද මුදල් ලබාගැනීමට ඉඩකඩ සැළසෙනු ඇති.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »