
බොරතෙල් සැපයුම සීමා කිරීමට ඔපෙක් සාමාජික රටවල් ගත් තීරණයත් සමග ඔස්ට්‍රේලියාව තුළ ඉන්ධන මිළ ගණන් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.
මේ වනවිට ජාතික වශයෙන් පෙට්‍රල් ලීටරයක මිළ පවතින්නේ ඩොලර් 1.86 ක් ලෙසයි.
එය ජනවාරි මාසයේ පැවති ඩොලර් 1.73 ට වඩා ශත 13 ක ඉහළයාමක් බව වෙළඳපොළ දත්ත වාර්තා පෙන්වා දෙනවා.

දැනට ඉහළම පෙට්‍රල් මිළක් සටහන් වන්නේ සිඩ්නි නගරයේයි.
එහි බොහෝ ප්‍රදේශවල පෙට්‍රල් මිළ ඩොලර් 02 ඉක්මවා ගොස් ඇති අතර ඇතැම් ස්ථානවල පෙට්‍රල් මිළ ඩොලර් 2.11 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඉදිරි පාස්කු සතියේදී ඉල්ලුම ඉහළයාමත් සමග පෙට්‍රල් මිළ ගණන්වලද ඉහළයාමක් සටහන් වනු ඇති බවටද අනාවැකි පළවනවා.
ඔස්ට්‍රේලියානු ජාතික මාර්ග සහ රථවාහන රියදුරන්ගේ සංගමයට අනුව ANZAC සති අන්තය දක්වා පෙට්‍රල් මිළෙහි අඩුවීමක් සිදු නොවනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.