දකුණු ඔස්ට්‍රේලියා සිසුන් 2,000 කගේ පුද්ගලික තොරතුරු පැහැරගනී

දකුණු ඔස්ට්‍රේලියාවේ වෘත්තීමය අධ්‍යාපනය (TAFE) හදාරන සිසුන් 2,000 කගේ පමණ පුද්ගලික තොරතුරු අනවසරයෙන් පැහැරගෙන තිබෙනවා.

රියදුරු බලපත් පිටපත් – බදු ලිපිගොණු අංක – විදේශ ගමන් බලපත් අංක ඇතුලු අතිශය සංවේදී තොරතුරු ඒ අතර වන බව සඳහන්.

කෙසේවෙතත් එම දත්ත අතුරින් සියයට 87 ක් පමණ දැනටමත් කල් ඉකුත්වූ අංක බවටද හෙළිකරගෙන තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ වෘත්තීමය අධ්‍යාපනය හදාරන සිසුන් 2,244 දෙනෙකුට මේ සම්බන්ධයෙන් ඊ-මේල් මාර්ගයෙන් ඊයේ දිනයේදී දන්වා ඇති බවයි ප්‍රාන්ත රජය කියාසිටියේ.

එමෙන්ම සයිබර් ආරක්ෂණ නිලධාරීන් සමග එක්ව පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔවුන් සඳහන් කලා.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »