හරි පාරෙන් ලංකාවට සල්ලි එව්වොත් Duty Free සහනය ඉහළට

විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවනු ලබන මුදල් ප්‍රමාණය මත ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.

කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වන අතර ඩොලර් 2400 ත්, 4799 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියි.

ඩොලර් 4800 ත් ඩොලර් 7199 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක අතිරේක තීරු බදු සහනයක් හිමිවන අතර ඩොලර් 7200 ත් ඩොලර් 11,999 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440 ක අතිරේක තීරු බදු සහනයක් හිමිවනවා.

ඩොලර් 12,000 ත් ඩොලර් 23,999 ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400 ක අතිරේක තීරු බදු සහනයක් ලබාගැනීමට හැකියාව පවතිනවා.

ඩොලර් 24,000 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800 ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබාගත හැකියි.

වසරක කාලයක් තුළදී අදාල මුදල් රටට එවා ඇති ඕනෑම අයෙකුට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතිනවා.

2022 වසරේ මැයි පළමුවැනිදා සිට නීත්‍යානුකූලව බැංකු හරහා මුදල් එවූ ශ්‍රමිකයින් සදහා මෙම සහනය ලබාගැනීමට හැකියාව පවතින අතර වසරක කාලයක් තුළදී එවනු ලැබූ මුදල් ප්‍රමාණය මේ සදහා සලකා බලනු ඇති.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »