
ක්වීන්ස්ලන්ඩ් පොලිස් නිළධාරියෙකුට පහරදී රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මයිකල් ස්ලේටර් ට චෝදනා ගොණු කර තිබෙනවා.
පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවසක සිදුවූ පහරදීමේ සිදුවීමක් සොයා බැලීමට ගිය නිළධාරීන් පිරිසකට ඔහු අවහිර කර ඇති බවයි පැවසෙන්නේ.
මෙහිදී එක් පොලිස් නිළධාරියෙකු තුවාල ලබා ඇති බවද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

දැනට 53 හැවිරිදි වියෙහි පසුවන මයිකල් ස්ලේටර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 74 කට ක්‍රීඩා කර රැස්කර ඇති ළකුණු සංඛ්‍යාව 5,312 ක්.
2004 වසරේදී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ඔහු විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කරමින් සිටිනවා.
