
මෙල්බන් හි සුප්‍රකට ක්‍රවුන් කැසිනෝ ආයතනයේ ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් නව නීති මාලාවක් පණවා තිබෙනවා.
ඒ අනුව අඛණ්ඩව පැය 03 ක කාලයක් සූදූ ක්‍රීඩාවල නිරතවූ අයෙකු වෙතොත් විනාඩි 15 ක අනිවාර්ය විවේක කාලයක් ලබාගත යුතු වනවා.
එක් දිනයකදී පැය 12 කට වඩා ක්‍රීඩා කර ඇති නම් පැය 24 ක විවේක කාලයක් ලබා ගැනීම අනිවාර්ය වනු ඇති.

එමෙන්ම එක් සතියක් තුළදී සූදු ක්‍රීඩා කල හැකි උපරිම කාලයද පැය 36 කට සීමා කර තිබෙනවා.
ක්‍රවුන් කැසිනෝ ආයතනය සම්බන්ධයෙන් සෙවීමට පත්කල රාජකීය කොමිසමේ නිර්දේශ අනුවයි මෙම නව රෙගුලාසි පණවා ඇත්තේ.

මෙම නියමයන් කඩ කරන ඕනෑම අයෙකු ක්‍රවුන් පරිශ්‍රයෙන් බලෙන් ඉවත් කිරීමටද එහි ආරක්ෂක අංශ නිලධාරීන් වෙත අමතර බලතල ලබාදී තිබීම විශේෂත්වයක්.