NSW උසස් පාසල්වල ජංගම දුරකථන තහනම 04 වන වාරයේ සිට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පොදු පාසල්වල ජංගම දුරකථන භාවිතය තහනම් කිරීම 04 වන වාරයේ සිට ක්‍රියාත්මක කරන බව නව අගමැති ක්‍රිස් මින්ස් පවසනවා.

මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් සිදු නොවනු පිණිස මෙම තීරණය ක්‍රියාවට නංවන බවයි ඔහු සඳහන් කලේ.

දැනටමත් නිවු සවුත් වේල්ස් හි ප්‍රාථමික පාසල්වල මෙම තහනම බලාත්මක වනවා.

පංති කාමර තුළදී සිය දරුවන් ජංගම දුරකථන භාවිත කිරීම වළක්වන්නැයි දෙමව්පියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සළකා බලා මෙම පියවර ගත් බවද අගමැතිවරයා ප්‍රකාශ කලා.

කෙසේවෙතත් යෝජනාවක් ලෙස ඉදිරිපත්ව තිබූ උපකරණ සවි කිරීමෙන් වැළකී සිටින බවයි ඔහු සඳහන් කලේ.

දුරකථනය තබන ස්ථාන ඇතුලු අනෙක් පියවර සම්බන්ධයෙන් තීරණ ගැනීම එක් එක් පාසල මට්ටමින් සිදුකල යුතු බවද නිවු සවුත් වේල්ස් අගමැතිවරයා කියාසිටියා.

දකුණු ඔස්ට්‍රේලියා – බටහිර ඔස්ට්‍රේලියා – වික්ටෝරියා සහ Northern Territory යන ප්‍රාන්තද දැනටමත් උසස් පොදු පාසල් තුළ ජංගම දුරකථන භාවිතය අත්හිටුවා තිබෙනවා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »