Search

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බ්‍රිස්බන් ගුවන් තොටුපළේ දැඩි ප්‍රමාදයක්

බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගමන් මලු පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් check-in කටයුතු වල දැඩි ප්‍රමාදයක් හටගෙන තිබෙනවා.

ස්වයංක්‍රීය ආකාරයට නොව manual ආකාරයට ගමන්මලු මෙහෙයවීමට සිදුවීම ඊට හේතුවයි.

එබැවින් අපේක්ෂා කල කාලයට වඩා වැඩි කාලයක් ගතවිය හැකි බවටයි බ්‍රිස්බන් ගුවන් තොටුපළ අනතුරු අගවන්නේ.

ගුවන් ගමන් ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන බවද ඔවුන් අවධාරණය කරනවා.

කෙසේවෙතත් ගුවන් තොටුපළට පැමිණීමට පෙර සිය ගුවන් ගමන සම්බන්ධයෙන් පරීක්ෂා කර බලාගන්නා ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

එමෙන්ම හැකිතාක් වේලාසනින් ගුවන් තොටුපළට පැමිණෙන ලෙසටද බ්‍රිස්බන් ගුවන් තොටුපළ බළධාරීන් දන්වා සිටිනවා.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »