දකුණු ඔස්ට්‍රේලියා දුම්රිය සහ ට්‍රෑම් සේවා පුද්ගලීකරණය නවතී

Adelaide TRAIN

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ දුම්රිය සහ ට්‍රෑම් සේවා පුද්ගලීකරණය කිරීම අත්හිටුවීමේ යෝජනාවකට එළැඹී තිබෙනවා.

ඒ අනුව දුම්රිය සහ ට්‍රෑම් සේවා ක්‍රියාත්මක කරන සමාගම් 02 සමග ගිවිසුමකට අත්සන් තැබූ බවයි ප්‍රාන්ත රජය අද නිවේදනය කලේ.

පැවති ලිබරල් සන්ධාන රජය විසින් පුද්ගලීකරණය කරන ලද දකුණු ඔස්ට්‍රේලියා දුම්රිය සහ ට්‍රෑම් සේවා දෙකෙහිම පරිපාලනය 2025 වසර වනවිට ප්‍රාන්ත රජය විසින් පවරා ගැනීම මෙහිදී සිදුවනවා.

වසර 08 කට ආසන්න කාලයක් එය ක්‍රියාත්මක වනු ඇති අතර අනතුරුවද එම ගිවිසුම දීර්ඝ කෙරෙනු ඇති.

දුම්රිය – ට්‍රෑම් සේවා පවරා ගැනීම සඳහා අමතර වියදමක් වෙන් නොකල බවද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »