ගතවූ වසර 05 තුළ ක්වීන්ස්ලන්ඩ් e-දුම්වැටි භාවිතය 40% කින් ඉහළට

ගතවූ වසර 05 තුළදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ e-දුම්වැටි භාවිතය සියයට 40 කින් ඉහළගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

එහි ප්‍රාන්තවාසීන් අතුරින් සියයට 20 ක් පමණ අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ ඒවා භාවිත කර ඇති බවයි තහවුරු කරගෙන ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ජනගහණයෙන් 1/5 ක් පමණ දැනටමත් e-දුම්වැටි භාවිත කරන බවත් සියයට 02 කට ආසන්න පිරිසක් දෛනිකව ඒවා භාවිත කරන බවත් මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 29 ත් අතර ජනගහණයෙන් සියයට 15 කට ආසන්න පිරිසක් ඒ අනුව e-දුම්වැටි සඳහා ඇබ්බැහි වී ඇති බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් හි e-දුම්වැටි භාවිතය සම්බන්ධයෙන් නියාමන රෙගුලාසි මාලාවක් සකස් කිරීම සඳහා ප්‍රාන්ත පාර්ලිමේන්තුව විසින් පසුගියදා කමිටුවක්ද පත්කරනු ලැබුවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »