කෘමීන් නිසා වාහන 2,000 ක් බ්‍රිස්බන් වරායේ හිරවෙයි

විෂ සහිත කුඩා සත්වයන් – කෘමීන් සහ අවධානම් සහගත බීජ තැවරී තිබීම හමුවේ, මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ 2,000 කට ආසන්න සංඛ්‍යාවක් බ්‍රිස්බන් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව පවතින බවට වාර්තා වනවා.

එමෙන්ම වාහන රැගත් තවත් නෞකා 07 ක්ද පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ක්වීන්ස්ලන්ඩ් වෙරළ තීරයේ නැංගුරම්ලා තිබූ බව සඳහන්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තා අනුව ජෛව ආරක්ෂණ අවධානම් සහිතව ඔස්ට්‍රේලියාවට පැමිණෙන වාහන සංඛ්‍යාව සියයට 88 කින් පමණ ඉහළගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල සටහන් වන්නේ.

ගෝලීය සැපයුම් ප්‍රමාදයන් හමුවේ වාහන ආනයනය සම්බන්ධ ඇතැම් සමාගම් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම මීට ප්‍රධාන හේතුවයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාහනයක ඇණවුම් කාලය දින 134 ක් බව නවතම සංඛ්‍යාලේඛණවල සඳහන්.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »