පාස්කු සති අන්තයේ එක් එක් ප්‍රාන්තය තුළ double demerit points අය කෙරෙන හැටි

පාස්කු නිවාඩු සති අන්තයට අදාළව එක් එක් ප්‍රාන්තය විසින් double demerit points නියම කෙරන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – බටහිර ඔස්ට්‍රේලියා සහ ACT ප්‍රාන්තවල ලබන 06 වනදා සිට 10 වනදා දක්වා එම කාල වකවානුව බලාත්මකයි.

නියමිත වේගය ඉක්මවා රිය ධාවනය – ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම සහ ආසන පටි නොපැළඳීම යන වැරදි සඳහා මෙහිදී අමතර අප්‍රසාද ළකුණක් එක් කිරීමට නියමිතයි.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සමස්ත වසර පුරාම double demerit points අය කෙරෙන බැවින් පාස්කු සමය ලෙස විශේෂත්වයක් සිදු නොවනු ඇති.

වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා – Northern Territory සහ ටස්මේනියා ප්‍රාන්තවල double demerit points ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බැවින් අනෙකුත් දිනවලදී මෙන්ම නියමිත දඩ මුදල් පාස්කු සති අන්තයේදීත් අය කිරීමට නියමිතයි.

කෙසේවෙතත් අමතර පොලිස් නිලධාරීන් ඉදිරි සති අන්තයේදී මාර්ග රථවාහන රාජකාරි සඳහා අනුයුක්ත කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ මාර්ගවල මාරක රිය අනතුරු බහුලම කාලසීමාවක් ලෙසයි පාස්කු සති අන්තය සැළකෙන්නේ.

දීර්ඝ සති අන්තයේදී බොහෝ පිරිසක් විනෝද චාරිකාවල නිරතවීම ඊට හේතුවයි.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »