Search

ඉන්ෆ්ලුවන්සා එන්නත ගැන ඔස්ට්‍රේලියානුවන්ට සිහි කැඳවීමක්

ශීත සෘතුව එළැඹීමට පෙර නියමිත එන්නත් ලබාගැනීම සඳහා ප්‍රමුඛතාවය දෙන්නැයි සෞඛ්‍ය විද්වතුන් ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙනවා.

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමයි ඊට හේතුව වන්නේ.

මෙම වසරේ ගතවූ මාස 03 තුළදී පමණක් ඉන්ෆ්ලුවන්සා රෝගීන් 15,000 ක් පමණ වාර්තා වී තිබෙනවා.

ලබන ජූනි මාසය වනවිට මෙම අගයන්හි උපරිමයට ළගාවනු ඇති බවටයි වෛද්‍ය විශේෂඥයන් අනතුරු අගවා සිටින්නේ.

එබැවින් ආසන්නම ෆාමසියෙන් තමන්ට හිමි ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාගන්නැයි ඉල්ලීමක් කෙරෙනවා.

පසුගිය වසරේදී 225,000 කට ආසන්න පිරිසක් ආසාධිතයන් බවට පත්වූ අතර සටහන් වූ මරණ සංඛ්‍යාව 308 ක්.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »