විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වන කථා ගැන පීටර් ඩට්න් පහදයි

විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව ලිබරල් සන්ධානයේ නායක පීටර් ඩට්න් පවසනවා.

මෙල්බන් පිටත නාගරික කලාපයේ ඇස්ටන් ආසනය වෙනුවෙන් ඊයේ පැවති අතුරු මැතිවරණයෙන් ලැබූ පරාජයත් සමගයි ඔහු මේ බව සඳහන් කරන්නේ.

ඔස්ටේ්‍රලියාව තුළ ෆෙඩරල් මැතිවරණයකින් බලයට පත්වූ රජයක් යටතේ පැවති අතුරු මැතිවරණයකදී විපක්ෂය විසින් පරාජය ලබා ඇත්තේ වසර 100 කට පසුව වීම විශේෂත්වයක්.

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ලේබර් පක්ෂය ඉහළ ජනප්‍රියත්වයක සිටින බවට මෙය හඳුන්වාදිය හැකි බව විචාරක මතයයි.

එමෙන්ම ලිබරල් සන්ධානය අභ්‍යන්තරයේ පවතින මත ගැටුම්ද ඊට හේතු වී ඇතැයි සඳහන්.

මෙම පරාජයත් සමග පීටර් ඩට්න් විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවටයි වාර්තා පළවූයේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »