ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රැසක් අඩු ඵලදායිතා ක්ෂේත්‍රවල

පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ සිදුවූ විවිධ අඩුපාඩු හමුවේ මෙරට ඵලදායීතාවය පහළගොස් ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් රැසක් අඩු ඵලදායීතාවයෙන් යුත් ක්ෂේත්‍ර කරා යොමුවන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

විශේෂයෙන් ශිෂ්‍ය වීසා – working holiday වීසා සහ තාවකාලික වීසා මත පැමිණෙන බොහෝ දෙනෙකු ඒ අතර වන බව සඳහන්.

ඉහළ ඵළදායිතාවයෙන් යුත් සමාගම්වල රැකියා සඳහා යොමුවන පිරිසද කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි මෙහිදී තහවුරු වී ඇත්තේ.

2011 වසරේදී ශිෂ්‍ය වීසා මත සිටි අය අතුරින් සියයට 45 ක් පහළ ඵලදායිතාවයෙන් යුත් ක්ෂේත්‍රවල රැකියාවන්හි නිරත වී ඇතත් 2020 වසරේදී එය සියයට 48 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

working holiday වීසා ලාභීන් සැළකීමේදී එය 2011 වසරේ පැවති සියයට 58 සිට 2020 වසරේදී සියයට 65 දක්වා වැඩිවී ඇති බව සඳහන්.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »