ජූලි 01 දා සිට ක්වීන්ස්ලන්ඩ් වාහන ලියාපදිංචි ගාස්තු – දඩ මුදල් ඉහළට

ජූලි පළමුවනදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වාහන ලියාපදිංචි ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සිලින්ඩර් 04 වාහනයක් ලියාපදිංචි ගාස්තුව ඩොලර් 773 සිට 793 දක්වා ඉහළ නැංවෙන්නේ ඩොලර් 20 කිනුයි.

සිලින්ඩර් 06 වාහනයක ලියාපදිංචි ගාස්තුව ඩොලර් 26.50 කින්ද – සිලින්ඩර් 08 වාහනයක ලියාපදිංචි ගාස්තුව ඩොලර් 34.05 කින්ද වැඩි කෙරෙනු ඇති.

මීට අමතරව අධි වේගය හෝ අඩු වේගය යන චෝදනා සඳහා වන දඩ මුදල්ද ජූලි පළමුවනදා සිට වැඩි කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය කටයුතු යොදා ඇත්තේ.

ඒ අනුව නියමිත වේගයට වඩා කිලෝමීටර් 11 කට අඩු වේගයක් පවත්වා ගතහොත් දැනට අය කෙරෙන දඩ මුදල ඩොලර් 309 කින් ඉහළ දැමෙනුයේ ඩොලර් 22 කිනුයි.

පැයට කිලෝමීටර් 20 ක උපරිමයක් දක්වා අධිවේගයෙන් ගමන් කිරීමට නියමප කෙරෙන දඩය ඩොලර් 33 ක්.

රිය ධාවනයේදී දුරකථන භාවිතය සම්බන්ධයෙන් දැනට ක්වීන්ස්ලන්ඩ් හි පවතින දඩය ඩොලර් 1078 ක් වන අතර එය ලබන ජූලි පළමුවනදා සිට ඩොලර් 1,161 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »