
තමන් ගණුදෙනු කරන බැංකුව ලෙසින් ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන් වෙත ලැබෙන ව්‍යාජ කෙටි පණිවුඩ සහ ඇමතුම් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.
මෙමගින් ගණුදෙනුකරුවන්ට අහිමිවන මුදල ඩොලර් දහස් ගණනක් බවයි පාරිභෝගික කොමිසම අවධාරණය කරන්නේ.
අදාළ බැංකුවේ දුරකථන අංකයක් ලෙසින් මෙම ඇමතුම් හෝ කෙටි පණිවුඩ පැමිණෙන අතර ඊට ගණුදෙනුකරුවන් හසුවීමේ සම්භාවිතාවය ඉතාමත් ඉහළ බවයි පැවසෙන්නේ.

බැංකු ගිණුම සම්බන්ධ ගැටලුවක් යැයි පවසා එය නිවැරදි කර ගැනීමට වංචා සහගත එකක් යොමු කිරීමයි මෙහිදී සිදුවන්නේ.
පසුගිය වසරේදී පමණක් මෙවැනි පැමිණිලි 14,000 ක් පමණ ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ට ලැබී ඇති අතර එහිදී අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 20 කට අධිකයි.

මෙරට ප්‍රධාන බැංකු 04 ම විලසින් මෙම ඇමතුම් සහ පණිවුඩ ලැබෙන බවද පාරිභෝගික කොමිසම ජනතාවට සිහිපත් කරනවා.